Friday, April 22, 2016

කොළඹ වරාය නගර ව්‍යපෘතිය ඉදි කිරීමට යයි

        මෙම ව්‍යපෘතිය සිදු කිරීම සඳහා වැලි ලබා ගන්නේ මීගමුව බසියවත්තේ සිට උස්වැටකෙයියාව දක්වා වෙරළතිරයෙන් ඔබබට කිලෝමීටර් දෙකකට ආසන්න දුරින් වන අතර එම වැලි ප‍්‍රමාණය සුළුපටු වැලි ප‍්‍රමාණයක් නොවෙයි එය වැලි ඝණ මීටර මිලිය 65කිි. එනම් වැලි ඝණ මීටර කෝටි 6.5 කි. එබැවින් මෙම මුහුදු තීරයට වන විපත සිතා ගැනීමටවත් නොහැකි තත්වයකි. ඒ වගේම මේ හේතුවෙන් යම් දිනකදී මීගමු කලපුව මුහුදට බිලි වීම කෙලෙසින් කා හට නවතා ලිය හැකිද? එසේ වන විට කවුරුන් වගකියන්නේද? එදාට මෙය සිදුකළ වුන්ගේ අත්ම වලට සාප කරනවා විනා වෙන කුමක් කරත් ද ජනතාව?
 
එබැවින් චීන අණ්ඩුව සතුටු කරනවාට වඩා, රටේ ජනතාවගේ යහපත, මෙම ප‍්‍රදේශයේ ධීවර ජනතාවගේ යහපත හා ධීවර කර්මාන්තය ආරක්‍ෂ කර ගැනීමට කටයුතු කිරීම නේද? ජනතාවට වගකිව යුතු රජයක් ලෙස සිදු කල යුතු වන්නේ?
 
වත්මන් රජයට ජනතාව බලය පවරන්නේම මෙම වරාය නගර ව්‍යාපෘතිය, උමා ඔය ව්‍යපෘතිය වැනි මහා පාරිසරික විනාශයන් ගෙන දෙන ව්‍යපෘති නවතා දමන බවට, ජනතාවට දුන් පොරොන්දු මතය. නමුත් දැන් දැන් එම ජන වරමට පයින් ගසා එම විනාශකාරි ව්‍යපෘති තවතවත් පුළුල් ලෙස සිදු කිරීමට නම් නොවෙයි නේද?.
 
උගත් බුද්ධිමත් යැයි ජනතාවට ඒතතු ගැන්නුවද, වත්මන් පාලකයින්, එසේ උගත් බුද්ධිමතුන් නම් මෙවැති, රටට විනාශ කාරී වැඩ නොකල යුතුයි නේද?
 
බිලියන 1.5 මුදලක් ඉපයිම සඳහා බිලියන 4ක පමණ රටේ ස්වාභාවික සම්පත් මුහුදුබත් කළ යුතුද? රටේ ජනතාවගේ භුක්තියේ අයිතිය මේ අයුරින් විදේශිකයන් සතු කරන්නට නම් ජනතා වරම් නොදුන් බව පැහැදිය.
 
එබැවින් ඉතාමත් නුදුරු දිනයකදී චීනයේ සහ ඉන්දියාවේත්, අනිකුත් රාජ්‍ය අයතනයන්ගේ අතවැසියන් බවට පත් වීම සිකුරුය. නිකම්ම නම් නොවෙයි රටේ ජනතාවගේ රැකියා පමණක් නොව සංස්කෘතිය, සදාචාරය. සභ්‍යත්වය නැතිකර දමමිනි.
 
එයට වග කිව යුතු වනනේ වත්මන් සියළුම දේශපාලකයන්ය. මන්ද මොවුන්ගෙන් බහුතරය ජනතාව රවටා බලයට පැමිනි බැවිනි.