Friday, September 1, 2017

මීගමු කලපුවද මුහුදුබත් වී තැන තැන දුපත් නිර්මාණය වේ විද.

ජුලි මස 31 වන දින සවස මීගමුව කුරුසපල්ලිය ප‍්‍රදේශයේ දි පැවති කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ මීගමු කළපු ධීවර ජනතාව දැනුවත් කිරීමේ රැුස්වීමට සහභාගි වු ධීවර ජනතාව දැක්වු අදහස් අතර, වර්ථමාන පාලකයින් නිර්ලජ්ජිත අයුරින් පොරොන්දු කඩකරමින් සිටින බවත් පෝට් සිටිය ඉදි කිරීමෙන් මහත් විනාශයක් මුළු රටටම සිදුවන බවත් දැනදැනම එය ඉදි කිරීමට අවසර දීම රටේ ජනතාව ගොනාට අන්දා ඡුන්දය ලබාගෙන රටේ අනාගත දරුපරපුරේ උරුමයන් විදේශිකයන් වෙනුවෙන් මුහුදුබත් කරන  බවත්, දෙවියන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින කතෝලික සභාවේ සමහර පූජකතුමන්ලාද ජනතාව මොඩයින් සේ සලකා ජනතාවට නිසි ඇහුන්කන් දීමකින් තොරව දෙවියන්වහන්සේගේ මැවිල්ල විනාශකර දැමීමට දුෂ්ඨ පාලකයින් අතට පවා දුන් බැවින් කතොලික සභා නායකයින් කෙරෙහි ඇති විෂ්වාසයන්ද නැවතවතාවක් බිඳ දැමු බවද පෙන්වා දුන් අතර මෙම වරාය නගර ව්‍යාපෘතිය කෙසේ හෝ නවතා දැමුවේ නැතිනම්, මෙය ඉදි කිරීම හේතුවෙන් දැනටමත් මුහුණ දෙන විනාශ කාරී තත්වයන් හේතුවෙන් ඉදිරි වසර දෙක තුන තුළ සිදුවිය හැකි විනාශයන් සිතාගැනීමටවත් නොහැකි තරම් බවත්, මීගමු කලපුවද මුහුදුබත් වී තැන තැන දුපත් නිර්මාණය වේ යයි පැවසු අතර මෙම වරාය නගර ව්‍යාපෘතිය නතර කර ගැනීමට ගන්නා ඔනෑම ක‍්‍රියාවලියකට සහයෝගය දක්වන බවත් ඔවුන් පවසා සිටිය බව මාකස් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

 

No comments:

Post a Comment