Wednesday, September 20, 2017

පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරයේ නියෝජීතයින් පිරිසක් වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් තුමාව මුණගැසී

අද දින පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරයේ නියෝජීතයින් පිරිසක් වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් තුමාව මුණගැසුනු අතර එහිදී වරාය නගරය ව්‍යාපෘතිය ඉදි කිරීම සඳහා වැලි ලබා ගැනීම වෙරළේ සිට කිලෝ මීටර් 10කට එපිටින් සිදු කරන බවට රජය එකඟ වු වද, අද වන විට වෙරළේ සිට කිලෝ මීටර් 4 ක දුරින් සිට වැලි ලබා ගැනීම ආරම්භ කර ඇති බැවින් මේ පිළිබඳ වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේනතුවට වාර්ථා කිරීමටත් මේ වන විටත් බසියවත්ත උස්වැටකෙයියාව යන ප‍්‍රදේශ වල වෙරළ තීරයේ සිදුවෙමින් පවතින මහා වෙරළ ඛාදන තත්වයන් පිළිබඳ වාර්තා කිරීමටත්ය.
එහි දී වැලි ගැනීම පිළිබඳ ජනතාව හා රජය අතර කුමණ එකඟතාවයක් පැවතියද නීතිමය අවසර තිබෙන්නේ වෙරළෙ සිට කිලෝ මීටර 5ක මුහුදු සීමාවෙන් එපිටින් බවත්, එය ඔවුන් අනුගමනය කල යුතු බවත් පැවසූ අතර වාර්තා කරන ලද තොරතුරු අනුව මෙහි සැබෑ තතු සොයා බැලා අවශ්‍ය කඩිනම් පියවරයන් ගන්නා බව අධ්‍යක්‍ෂ ජනරාල් වරයා පැවසීය.

No comments:

Post a Comment