Wednesday, November 1, 2017

ඇස්තමේන්තුගත වැලි ඝණ මීටර් ලක්‍ෂ 700කට වඩා තවත් අමතර වැලි ඝණ මීටර් ලක්‍ෂ 400ක් අවශ්‍යය



රජය විසින්, 2016 ඔක්තෝබර් මස මීගමුවේ දී, විරෝධතා දැක්වූ ධීවර ජනතාවට පැවසූයේ වෙරළේ සිට කිලෝමීටර 10කට එපිටින් වැලි ලබා ගන්නා බවට වුවද, මේවන විට වැලි ලබා ගැනීම වෙරළේ සිට කිලෝමීටර 5 කට මෙපිටින් එනම් වෙරළේ සිට කි.මී 4-6 අතර දුරින් වැලි ලබා ගැනිම සිදුවන බව ධීවරයින් වාර්තා කරයි.
වැලි ඝණ මීටර ලක්ෂ 700ක් ගැනීම ස`දහා වෙරළේ සිට කිලෝමීටර 5 කට ඔබ්බෙන් වැලි ලබා ගැනීමට නිත්‍යානුකුලව අවසර දී තිබු නමුත් මෙම තත්වය තව තවත් බරපතල අධිරයකට පත් කරමින් කලින් ඇස්තමේන්තුගත වැලි ඝණ මීටර් ලක්‍ෂ 700කට වඩා තවත් අමතර වැලි ඝණ මීටර් ලක්‍ෂ 400ක් අවශ්‍ය බවත්, ඒවා ලබා ගැනීමට, නිත්‍යානුකුලව අවසර ඉල්ලමින් මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමති, චම්පික රණවක මහතා කැබිනට් පති‍්‍රකාවක් ද ඉදිරිපත් කර ඇතිබව, මාධ්‍ය මගින් නිරාවරණ කරන ලදී. දැනට සිදුවන වැලි ගැනීම හේතුවෙන් වෙරළේ සිදුවන ඛාදනයන් සීඝ‍්‍ර වෙමින් පවතින අතර මීගමුව, බසියාවත්ත ප‍්‍රදේශයට අමතරව වැල්ලවීදීය ප‍්‍රදේශයද , තලාහේන පේරුවේ වෙරළ තීරයද සීඝ‍්‍ර මුහුදු ඛාදනයකට ලක්ව ඇති අතර ඇමතිවරයාගේ ඉල්ලීම අනුමත වුවහොත් කලපුව මුහුදට බිලිවීම ඉතා ඉක්මනින් සිදුවනු ඇති බව මාකස් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

No comments:

Post a Comment