Wednesday, June 10, 2020
Tuesday, February 6, 2018
Thursday, January 4, 2018
නිලධාරීන් බලධාරීන් මීගමු කලපු විනාශය දෙස බල සිටින්නේ අයි
පරිසරය සුරකින්න නීති ආයතන හා රජයේ ප්රතිපාදන ඇතිමුත්,
මේවා ආරක්ෂා කරන්න ඉන්නාවූ බලධාරීන් සහ නිලධාරින් කුමට පඩි ගන්නේද ?
මේවා ආරක්ෂා කරන්න ඉන්නාවූ බලධාරීන් සහ නිලධාරින් කුමට පඩි ගන්නේද ?
Wednesday, November 1, 2017
ඇස්තමේන්තුගත වැලි ඝණ මීටර් ලක්ෂ 700කට වඩා තවත් අමතර වැලි ඝණ මීටර් ලක්ෂ 400ක් අවශ්යය
රජය විසින්, 2016 ඔක්තෝබර් මස මීගමුවේ දී, විරෝධතා දැක්වූ ධීවර ජනතාවට පැවසූයේ වෙරළේ සිට කිලෝමීටර 10කට එපිටින් වැලි ලබා ගන්නා බවට වුවද, මේවන විට වැලි ලබා ගැනීම වෙරළේ සිට කිලෝමීටර 5 කට මෙපිටින් එනම් වෙරළේ සිට කි.මී 4-6 අතර දුරින් වැලි ලබා ගැනිම සිදුවන බව ධීවරයින් වාර්තා කරයි.
වැලි ඝණ මීටර ලක්ෂ 700ක් ගැනීම ස`දහා වෙරළේ සිට කිලෝමීටර 5 කට ඔබ්බෙන් වැලි ලබා ගැනීමට නිත්යානුකුලව අවසර දී තිබු නමුත් මෙම තත්වය තව තවත් බරපතල අධිරයකට පත් කරමින් කලින් ඇස්තමේන්තුගත වැලි ඝණ මීටර් ලක්ෂ 700කට වඩා තවත් අමතර වැලි ඝණ මීටර් ලක්ෂ 400ක් අවශ්ය බවත්, ඒවා ලබා ගැනීමට, නිත්යානුකුලව අවසර ඉල්ලමින් මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමති, චම්පික රණවක මහතා කැබිනට් පති්රකාවක් ද ඉදිරිපත් කර ඇතිබව, මාධ්ය මගින් නිරාවරණ කරන ලදී. දැනට සිදුවන වැලි ගැනීම හේතුවෙන් වෙරළේ සිදුවන ඛාදනයන් සීඝ්ර වෙමින් පවතින අතර මීගමුව, බසියාවත්ත ප්රදේශයට අමතරව වැල්ලවීදීය ප්රදේශයද , තලාහේන පේරුවේ වෙරළ තීරයද සීඝ්ර මුහුදු ඛාදනයකට ලක්ව ඇති අතර ඇමතිවරයාගේ ඉල්ලීම අනුමත වුවහොත් කලපුව මුහුදට බිලිවීම ඉතා ඉක්මනින් සිදුවනු ඇති බව මාකස් ප්රනාන්දු මහතා පැවසීය.

Wednesday, September 20, 2017
පෝර්ට් සිටි විරෝධී ජනතා ව්යාපාරයේ නියෝජීතයින් පිරිසක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තුමාව මුණගැසී
අද
දින පෝර්ට් සිටි විරෝධී ජනතා ව්යාපාරයේ නියෝජීතයින් පිරිසක් වෙරළ
සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තුමාව මුණගැසුනු අතර එහිදී
වරාය නගරය ව්යාපෘතිය ඉදි කිරීම සඳහා වැලි ලබා ගැනීම වෙරළේ සිට කිලෝ මීටර්
10කට එපිටින් සිදු කරන බවට රජය එකඟ වු වද, අද වන විට වෙරළේ සිට කිලෝ මීටර් 4
ක දුරින් සිට වැලි ලබා ගැනීම ආරම්භ කර ඇති බැවින් මේ පිළිබඳ වෙරළ
සංරක්ෂණ දෙපාර්තමේනතුවට වාර්ථා කිරීමටත් මේ වන විටත් බසියවත්ත
උස්වැටකෙයියාව යන ප්රදේශ වල වෙරළ තීරයේ සිදුවෙමින් පවතින මහා වෙරළ ඛාදන
තත්වයන් පිළිබඳ වාර්තා කිරීමටත්ය. එහි දී වැලි ගැනීම පිළිබඳ ජනතාව හා රජය අතර කුමණ එකඟතාවයක් පැවතියද නීතිමය අවසර තිබෙන්නේ වෙරළෙ සිට කිලෝ මීටර 5ක මුහුදු සීමාවෙන් එපිටින් බවත්, එය ඔවුන් අනුගමනය කල යුතු බවත් පැවසූ අතර වාර්තා කරන ලද තොරතුරු අනුව මෙහි සැබෑ තතු සොයා බැලා අවශ්ය කඩිනම් පියවරයන් ගන්නා බව අධ්යක්ෂ ජනරාල් වරයා පැවසීය.
Monday, September 18, 2017
ආසියාවේ හොඳම කලපුව වන මීගමු කලපුව අද වනවිට මල කලපුවක් බවට පත් කරමින් තිබේ
ආසියාවේ හොඳම කලපුව වන මීගමු කලපුව අද වනවිට මල කලපුවක් බවට පත් කරමින් තිබෙන බව මෙරට පමණක් නොව විදෙස් පරිසර වේදීන් හා මද්ධය හරහා පැතිරෙමින් පවතින අතර එහි සැබෑ තතු කලපු ධීවර ජනතාවගෙන් අසු විට හද කම්පා කරවන තත්ත්වක් මීගමු කලපුවට උද වෙමින් තිබේ තිබේ.
රටේ නීතියක් තිබුනත් ඒවා රකින්න නිලධාරීන්ට කිසිදු උවනාවක් නැති අතර කලපුව විනාශකරන අයගෙන් අල්ලස් අරගෙන නීතිය ක්රියාත්මක නොකරන බවට ප්රධාන සාධකය ලෙස මෙම කලපුව මෙලෙස විනාශවීම පෙන්වාදිය හැකි බව ධීවර ජනතාව කියා සිටී.
රටේ නීතියක් තිබුනත් ඒවා රකින්න නිලධාරීන්ට කිසිදු උවනාවක් නැති අතර කලපුව විනාශකරන අයගෙන් අල්ලස් අරගෙන නීතිය ක්රියාත්මක නොකරන බවට ප්රධාන සාධකය ලෙස මෙම කලපුව මෙලෙස විනාශවීම පෙන්වාදිය හැකි බව ධීවර ජනතාව කියා සිටී.
Friday, September 1, 2017
මීගමු කලපුවද මුහුදුබත් වී තැන තැන දුපත් නිර්මාණය වේ විද.
ජුලි මස 31 වන දින සවස මීගමුව කුරුසපල්ලිය ප්රදේශයේ දි පැවති කොළඹ වරාය නගර ව්යාපෘතිය පිළිබඳ මීගමු කළපු ධීවර ජනතාව දැනුවත් කිරීමේ රැුස්වීමට සහභාගි වු ධීවර ජනතාව දැක්වු අදහස් අතර, වර්ථමාන පාලකයින් නිර්ලජ්ජිත අයුරින් පොරොන්දු කඩකරමින් සිටින බවත් පෝට් සිටිය ඉදි කිරීමෙන් මහත් විනාශයක් මුළු රටටම සිදුවන බවත් දැනදැනම එය ඉදි කිරීමට අවසර දීම රටේ ජනතාව ගොනාට අන්දා ඡුන්දය ලබාගෙන රටේ අනාගත දරුපරපුරේ උරුමයන් විදේශිකයන් වෙනුවෙන් මුහුදුබත් කරන බවත්, දෙවියන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින කතෝලික සභාවේ සමහර පූජකතුමන්ලාද ජනතාව මොඩයින් සේ සලකා ජනතාවට නිසි ඇහුන්කන් දීමකින් තොරව දෙවියන්වහන්සේගේ මැවිල්ල විනාශකර දැමීමට දුෂ්ඨ පාලකයින් අතට පවා දුන් බැවින් කතොලික සභා නායකයින් කෙරෙහි ඇති විෂ්වාසයන්ද නැවතවතාවක් බිඳ දැමු බවද පෙන්වා දුන් අතර මෙම වරාය නගර ව්යාපෘතිය කෙසේ හෝ නවතා දැමුවේ නැතිනම්, මෙය ඉදි කිරීම හේතුවෙන් දැනටමත් මුහුණ දෙන විනාශ කාරී තත්වයන් හේතුවෙන් ඉදිරි වසර දෙක තුන තුළ සිදුවිය හැකි විනාශයන් සිතාගැනීමටවත් නොහැකි තරම් බවත්, මීගමු කලපුවද මුහුදුබත් වී තැන තැන දුපත් නිර්මාණය වේ යයි පැවසු අතර මෙම වරාය නගර ව්යාපෘතිය නතර කර ගැනීමට ගන්නා ඔනෑම ක්රියාවලියකට සහයෝගය දක්වන බවත් ඔවුන් පවසා සිටිය බව මාකස් ප්රනාන්දු මහතා පැවසීය.
Monday, May 16, 2016
Friday, April 22, 2016
කොළඹ වරාය නගර ව්යපෘතිය ඉදි කිරීමට යයි
මෙම ව්යපෘතිය සිදු කිරීම සඳහා වැලි ලබා ගන්නේ මීගමුව බසියවත්තේ සිට උස්වැටකෙයියාව දක්වා වෙරළතිරයෙන් ඔබබට කිලෝමීටර් දෙකකට ආසන්න දුරින් වන අතර එම වැලි ප්රමාණය සුළුපටු වැලි ප්රමාණයක් නොවෙයි එය වැලි ඝණ මීටර මිලිය 65කිි. එනම් වැලි ඝණ මීටර කෝටි 6.5 කි. එබැවින් මෙම මුහුදු තීරයට වන විපත සිතා ගැනීමටවත් නොහැකි තත්වයකි. ඒ වගේම මේ හේතුවෙන් යම් දිනකදී මීගමු කලපුව මුහුදට බිලි වීම කෙලෙසින් කා හට නවතා ලිය හැකිද? එසේ වන විට කවුරුන් වගකියන්නේද? එදාට මෙය සිදුකළ වුන්ගේ අත්ම වලට සාප කරනවා විනා වෙන කුමක් කරත් ද ජනතාව?
එබැවින් චීන අණ්ඩුව සතුටු කරනවාට වඩා, රටේ ජනතාවගේ යහපත, මෙම ප්රදේශයේ ධීවර ජනතාවගේ යහපත හා ධීවර කර්මාන්තය ආරක්ෂ කර ගැනීමට කටයුතු කිරීම නේද? ජනතාවට වගකිව යුතු රජයක් ලෙස සිදු කල යුතු වන්නේ?
වත්මන් රජයට ජනතාව බලය පවරන්නේම මෙම වරාය නගර ව්යාපෘතිය, උමා ඔය ව්යපෘතිය වැනි මහා පාරිසරික විනාශයන් ගෙන දෙන ව්යපෘති නවතා දමන බවට, ජනතාවට දුන් පොරොන්දු මතය. නමුත් දැන් දැන් එම ජන වරමට පයින් ගසා එම විනාශකාරි ව්යපෘති තවතවත් පුළුල් ලෙස සිදු කිරීමට නම් නොවෙයි නේද?.
උගත් බුද්ධිමත් යැයි ජනතාවට ඒතතු ගැන්නුවද, වත්මන් පාලකයින්, එසේ උගත් බුද්ධිමතුන් නම් මෙවැති, රටට විනාශ කාරී වැඩ නොකල යුතුයි නේද?
බිලියන 1.5 මුදලක් ඉපයිම සඳහා බිලියන 4ක පමණ රටේ ස්වාභාවික සම්පත් මුහුදුබත් කළ යුතුද? රටේ ජනතාවගේ භුක්තියේ අයිතිය මේ අයුරින් විදේශිකයන් සතු කරන්නට නම් ජනතා වරම් නොදුන් බව පැහැදිය.
එබැවින් ඉතාමත් නුදුරු දිනයකදී චීනයේ සහ ඉන්දියාවේත්, අනිකුත් රාජ්ය අයතනයන්ගේ අතවැසියන් බවට පත් වීම සිකුරුය. නිකම්ම නම් නොවෙයි රටේ ජනතාවගේ රැකියා පමණක් නොව සංස්කෘතිය, සදාචාරය. සභ්යත්වය නැතිකර දමමිනි.
එයට වග කිව යුතු වනනේ වත්මන් සියළුම දේශපාලකයන්ය. මන්ද මොවුන්ගෙන් බහුතරය ජනතාව රවටා බලයට පැමිනි බැවිනි.
Monday, January 4, 2016
Monday, December 14, 2015
Tuesday, April 21, 2015
Monday, June 30, 2014
Wednesday, June 18, 2014
Wednesday, November 13, 2013
Monday, October 21, 2013
Monday, September 16, 2013
Thursday, August 29, 2013
Wednesday, August 7, 2013
Negombo Lagoon Protection Committee Meeting at 05/08/2013
.
Saturday, July 20, 2013
Committee Meeting of Organization For The Protection Of Negombo Lagoon on 20 of July 2013
Subscribe to:
Posts (Atom)











